දෙවිනුවර ඇසල පෙරහැරේ සුවිශේෂී අවස්ථාවන්.
Posted in Haritage, History with tags අපේ උරුමය, ඓතිහාසික, දුර්ලභ, විශේෂිත on August 15, 2011 by nilwala754 වැනි දෙවිනුවර ඇසල පෙරහැර මංගල්‍යය.
Posted in Haritage, History with tags අපේ උරුමය, ඓතිහාසික, දුර්ලභ, විශේෂිත on July 31, 2011 by nilwalaඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම සුවහසක් බැතිමතුන්ගේ වන්දනාමානයට පත්වුනේ අනාදිමත් කාලයක පටන්ය. වර්තමානයේද අතීතයේ මෙන්ම දෙවිනුවර පුද බිම බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙති. පුද බිමට අරක්ගත් උප්පලවන්න හෙවත් උපුල්වන් දෙවියන්ගේ බැල්ම පුදබිම අරා පැතිර තිබේ උපුල්වන් දෙවියන්ගේ දේවාලය පිහිටි දෙවිනුවර පුද බිමේ ඉතිහාසය රාම රාවණා යුග දක්වා අතීතයට දිවයයි. රාම රාවණා යුද්ධය සිදුවු ස්ථානය ලෙස සැලකෙන්නේද මෙම පුද බිමයි. ප්‍රදේශයේ ඇති ජනප්‍රවාද හා එහි ගම්නම් ව්‍යවහාරයන් ඒ සඳහා සාක්ෂි සපයයි. කතරගම දෙවිඳුන් ගොඩබට ස්ථානයද පිහිටා තිබෙන්නේ දෙවිනුවරයි. එය මඟුල් වැල්ල ලෙස හඳුන්වයි. එලෙස දෙවිනුවර පිළිබඳ පවතින පුරාණෝක්ති වංශ කථා මෙන්ම පුරාවිද්‍යත්මක සාධකද දෙවිනුවර ඉපැරණිම නගරයක් බව සනාථ කරයි. ඇතැම් ඉතිහාසසේවීහු දිවයීනේ පිහිටි පුරාණතම නගරය ලෙසින් සලකන්නේද දෙවිනුවරයි. දැනට භාවිත කෙරෙන ඉපැරණිම ලෝක සිතියම ක්‍රි.ව. 140 දී පමණ නිර්මාණය කලේ ග්‍රීක ජාතික ටොලමි විසිනි ඔහු දෙවිනුවර හදුන්වා ඇත්තේ දෙවියන්ගේ භූමිය අර්ථවත් කරන “දගන” නමිනි. එකල සිටම දේවත්වයෙන් පාරිශුද්ධ වු භුමියක් ලෙස දෙවිනුවර සලකා ඇත. සිරිලකට අරක්ගත් සතර වරම් දෙවියන් ගෙන් උප්පලවන්න දෙවිදුන්ට කැප වු පුද බිම දෙවිනුවරයි. දීප වංශය සිංහලයේ පැරණිතම ඉතිහාස ග්‍රන්ථයයි. උපුල්වන් දෙවියන් පිළිබද එහි මෙලෙස සටහන් වී තිබේ “ඒ ශාස්තෘන් වහන්සේ එම්බා ශක්රයය, තොප ලංකාද්විපය රැක ගැනීමට පමා නොව යැයි, දේවේශ්වර වු ශක්රශයා, අමතා වදාළ සේක.” සුජාතා දෙවගනගේ ස්වාමි හෙවත් ප්‍රජාපතී වු සක් දෙව් රජ තම සම්‍යක් සම්බුද්ධයන්ගේ වදන් අසා උප්පලවන්නා දෙවිහට ලක්දිව ආරක්ෂා කිරීමට කරුණු කීවේය. මහත්වු සෘද්ධී ඇති ඒ උප්පලවන්නා දෙවිතෙමේ සක්දෙවි රජුගේ වදන්අසා පිරිවර දෙවියනි සහිතව ලක්දිව ආරක්ෂාවට එළඹසිටියේය. ගෞතම බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දින විජය ඇතුළු සත්සියයක් පිරිස සිංහල ද්විපයට ආරක්ෂාකාරීව පැමිණිම සඳහා ආශිර්වාද කොට පිරිත්පැන් ඉස පිරිත්නූල් බැඳ එවන ලද්දේ තපස්වෙස්ගෙන සිටි උප්පලවන්නා දෙවියන් බව මහා වංශය පවසයි. එම අදහස ආචාර්ය හෙන්රි පාකර් මහතාද පිළිගනී. දෙවිනුවර පුද බිම පුජ්ය ත්වයට පත් කෙරුණු උප්පල වන්නා දේවාලයේ ඉදිකර වීම දක්වා කතා පුවත ආශ්චර්යමත්ය. දෙවිනුවර සිරිසුනන්ද නාහිමියන් විසින් රචනා කරන ලද ඓතිහාසික දෙවිනුවර මහ පුද බිම ග්‍රන්ථයේ එම ජනප්‍රවාදය සඳහන්කොට ඇත්තේ මෙලෙසින්ය. උප්පල වන්නා දෙවියෝ මහත් කිහිරි කඳක වේශයෙන් පැමිණියේය. මුහුදේ වෙරළට ආසන්නව පාවෙමින් තිබූ කිහිරි කඳ දුටු මිනිස්සු වෙරළට රැස්වුහ, ඇතැමෙක් කිහිරි කඳ ගන්නටද උත්සාහ කළහ. මිනිසුන් ළංවෙත්ම කිහිරි කඳ ඈත්වෙයි මිනිසුන් ගොඩට එත්ම පෙරළා වෙරළට ලංවේ මේ අත්භූත ප්‍රවෘත්තිය ඇසු දාපුළුසෙන් රජ්ජුරුවෝද එතැනට පැමිණියහ. ඔවුන් එත්ම කිහිරි කඳ වේගයෙන් ඇදී අවුත් වෙරළේ මුතු පටයක් වැනි වැලි පිට පිහිටියේය. රජ්ජුරුවෝ එතැන සුදුසු පුද සත්කාර පවත්වා කිහිරිකඳින් දේව රූපයක් කරවන්නට සිතා ඊට සුදුස්සකු සොයන්නට වුහ. එහෙත් ඉන් දේව රූපයක් නෙළිය හැකි කම්කරුවන් මුළු ලංකාද්විපයේම නොවීය. රජ්ජුරුවෝ සිතුවිල්ලෙන් සිටින අතර වයෝවෘද්ධයෙක් පැමිණ දෙවිරුවක් තැනීමට තමා පොහොසත් බව කියා සිටියේය. රජ්ජුරුවෝ ප්‍රීතිව රජ පිරිස් පිරිවරා වෘද්ධයා සමඟ වෙරළට ගොස් ඔහු දැක්වු ස්ථානයේ මන්ඩපයක් කරවා කිහිරි කඳ එතැනට පමුණුවා දුන්හ. වෘද්ධයා පමණක් එහි රැදිණි. සිල්ලොම වෙන්ව ගියහ. පසුදින රජ්ජුරුවෝ එතැනට පැමිණියහ. වෘද්ධයා එහි නොසිටියේය. කිහිරි කඳ හෝ ඉන් කපා හල දෑ එහි නොවිය.ජීවමාන ආකාරයෙන් වැඩ සිටි දේව රූපයක් පමණක් එහි විය. සියල්ලෝ විශ්මයට පත්වුහ. විශ්වකර්මයා පැමිණ කිහිරි කඳින් දේව රූපය නෙළා දී ගිය බව පෙනණි. මෙම ජනප්‍රවාදය පිළිබඳ වු සිදුවිම් බැහැර කිරමට නොහැක. පැරකුම්බා සිරිතද මෙම කතා පුවත ප්‍රකාශ කරයි. දෙවි නුවර උප්පල වන්නා දේවාලය හා බැදී පවතින නාමය දපළුසෙන්ය හෙවත් දෙවැනි දප්පුල රජු (ක්‍රි.ව.659-665) නැමැති දෙවිනුවර රාජධානියේ පාලකයාය. සාමි දප්පුල හෙවත් දප්පුල රජතුමා උප්පලවන්න දෙවියන් වෙත දේවාලයක් හදා පුද පුජා කිරිමට සලස්වා ඇත. දෙව පුරානයේ සඳහන් බඳිරාලි විහාරය උප්පල වන්නා දේව ප්‍රතිමාව තැන්පත් කල දේවාලය බවට විස්වාසයක් ඇත. වර්ථමානයේ දැක්වෙක උප්පල වන්නා දේවාලය පසු කාලයේ ඉදිකරන ලද්දකි. පෘතුගීසින් විසින් 1587 දී මුල් දේවාලය විනාශකොට ඇත. තෙමහල් දේවාලයේ උපුල් වන් දේව ප්‍රතිමාව දෙපස දැඩිමුණ්ඩ සහ සූනියම් දේව ප්‍රතිමාද වෙති. පිටත මාලයේහි ඊශ්වර සහ කතරගම දේව රූපයන්ය. එමෙන්ම විශ්ණු දෙවියනිගේ දස අවතාරද තවත් දේව රූප රසක්ද සදෙහි සොළොස් කලා නිර්මාණද මෙහි සිතුවම් කොට තිබේ, දෙවි නුවර දේවාලය සහ ශ්‍රී විශ්ණු උප්පලවන්නා දෙවියන් උදෙසා සිදු කරනු ලබන අසිරිමත්ම ඓතිහාසික මංගල්‍යය ඇසළ පෙරහරයි. ඒ හා බැඳුණු සිරිත් විරිත්ය. දඹදෙණියේ රජ පැමිණි දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රාජ සමය දක්වා ඉතිහාසයක් දෙවිනුවර ඇසළ පෙරහරට වෙයි. චන්ද්‍රබානු නැමැති ජාවක රජුගෙන් සිංහලය බේරා ගැනීමට උප්පලවන්නා දෙවිඳුන්ට සිදුකළ භාරයක් අනුව මෙම පෙරහැර ඇරඹූ බවට විශ්වාසයක් ඇත. එමෙන්ම එතුමාට වැළඳුන රෝගයක් සුව කර දෙන ලෙස දෙවියන්ට කැප කළ භාරයක් අනුව පෙරහැර ඇරඹූ බවටද තවත් විශ්වාසයක් ඇත. ක්‍රි.ව.1257 දී පමණ ආරම්භ කරනලද දෙවිනුවර ඇසළ පෙරහැර පේළි පෙරහැර හයකින් සහ රන්දෝලි පෙරහැරකින් වර්තමානයේදී පැවැත්වෙයි. දෙවි නුවර ඇසළ උත්සව සමයට බැතිමත්හු ඒ සඳහා කල් ඇතිවම පේ වෙති. මිදුලේ පාන් පැලක් බැඳ පහන් දල්වා බාරහාර වෙනුවෙන් පූජා කරන පඩුරු තබා උපුල්වන් දෙවියන්ට පිං දෙති. දෙවිනුවර ඇසළ පෙරහැරට කතරගම දෙවියන්ද වැඩම කරන බව බැතිමත්හු විශ්වාස කරති. සාම්ප්‍රදායානූකූල සිරිත් විරිත් අනුව නැකතට කප් සිටුවා මෙය ආරම්භ කරනු ලබති. කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පවත්වා හාල්කිරි දානයක් දේවියන් උදෙසා පූජා කිරීමෙන් වාර්ෂීක ඇසළ උත්සවය නිමාවට පත්කෙරේ. මෙවර 754 වැනි වරට පැවැත්වෙන ඇසළ උත්සවය පිළිබඳ දෙවිනුවර උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්රිමරත්න ගුණසේකර මහතා මෙලෙස සඳහන් කරයි. දෙවිනුවර ඇසළ උලෙළ 2011 අගොස්තු මස 07 දින ආරම්භ වී. 2011 අගොස්තු මස 13 වනදා පැවැත්වෙන රන්දෝලි පෙරහැරින් සහ එදින දෙව තොවිලයෙන් පසුදා පැවැත්වෙන දේව දානයෙන් මෙවර ඇසළ උත්සවය නිමාවෙයි.
![]()
දකුණු පළාත් පුෂ්පය…
Posted in Enviroment, Haritage, History with tags අපේ උරුමය, දුර්ලභ, පාරිසරික, විශේෂිත on July 10, 2011 by nilwalaWewurukannala Wiharaya
Posted in Enviroment, Haritage, History with tags අපේ උරුමය, ඓතිහාසික, විශේෂිත on April 2, 2011 by nilwalaශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩහිඳින නිසා මෙම ඉපැරණි පුදබිම වැවුරුකන්නල බදුරජ මහා විහාරය ලෙස 1969 මාර්තු 2 වැනි දා සිට නම් කොට තිබේ. ඊට පෙර මෙම විහාරය සුදස්සනානන්ද විහාරය නමින් හඳුන්වන ලදී.
මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල නගරයට පෙනෙන දුරින් මෙම සුප්‍රකට විහාරය ඉදිකොට ඇත. එකල වැව් දෙකකට සමීපව පිහිටි කුඩා කඳුගැටයක් මත ගිමන් හලක් පිහිටා තිබූ නිසා වැවුරුකන්නල නම ව්‍යවහාරයට පැමිණ තිබේ.
වැව්රුකන්නල බුදුරජ මහා විහාරයේ ඉතිහාසය මහනුවර යුගයේ රාජාධිරාජසිංහ යුගය දක්වා දිව යයි. එම රජතුමාගේ මඩකුඹුර වාසල දේවියගේ පුතා වැවුරුකන්නල පිහිටි ඉපැරණි ගිමන්හලෙහි භකෂූන් වහන්සේ කෙනෙකු ලෙස වාසය කොට ඇත. මහනුවරින් දුර ප්‍රදේශයක එලෙස වාසය කොට ඇත්තේ ආරකෂාව සඳහාය. උන්වහන්සේ ’රජකුමාර හිමි¶ ලෙස ද ප්‍රදේශයේ ජනතාව විසින් ආමන්ත්‍රණය කළහ. රජකුමාර හිමි බුරුමයෙන් මෙරට උපසම්පදාව රැගෙන ඒමට වැඩම කළ භිකෂූන් වහන්සේ ලා සත් නමගෙන් එක් නමක ලෙස ද සැලකෙති.
දික්වැල්ල සුදස්සනානන්ද විහාරයේ ආරම්භය සිදුවන්නේ ද උන්වහන්සේගෙන් ය. දික්වැල්ල බුදුරජ මහා විහාරස්ථානයේ බුදු ගෙවල් 3 ක් පිහිටා ඇත. ඒ අතරින් පැරණිතම බුදුගෙය ඉදි කොට ඇත්තතේ 1870 දී ය.
ඉපැරණි බුදු ගෙය තුළ සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් වැඩ හිඳිති. විශාල මකර තොරණකින් එම බුදු ගෙයට ඇතුළු විය යුතුය. බුදුන්වහන්සේගේ සහ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිමද මෙම විශාල බුදු මැදුරේ නිර්මාණය කොට ඇත. ඊට අමතරව ජාතක කථා මෙන්ම බුද්ධ චරිතයේ විවිධ අවස්ථාද සිතුවම් කොට තිබේ.
වැවුරුකන්නල බුදුරජ මහා විහාරයේ ඉදිකොට තිඛෙන දාගැඛෙහි බුදුන් වහන්සේගේ සහ ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ හතළිස් නමක් වැඩ සිටිති. ඉපැරණි දේවාලයක් සහ සීමාමාලකයක් ද මෙම පිදුබිම සතුව පවතී.
ඉපැරණි ආවාස ගෙය අද කුඩා කෞතුකාගාරයක් ලෙස පවතවාගෙන යයි. 1839 ජූලි මස 18 වැනි දා ඉදිකරන ලද ඉපැරණි පිරිත් මණ්ඩපයක් ද විහාරස්ථානයේ ධර්මශාලාවෙහි තබා ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසුව තැන්පත් කොට ඇත්තේද වැවුවරුකන්නල බුදු රජ මහා විහාරයේය. 1927 දී එය නිර්මාණය කිරීමෙන් පසුව මග්ගොන සිට විහාරස්ථානයට රැගෙනවිත් තිබේ. වැවුරුකන්නල බුදු රජ මහා විහාරය ලෙස අද මෙම විහාරය හඳුන්වන්නේ අසූ අට රියන් සමාධි බුදු පිළිම වහන්සේ නමක් එහි ඉදි කොට ඇති නිසාවෙනි.
මාතර දිස්ත්‍රික්කයේ පිහිටි බැතිමතුන්ගේ නොමඳ වන්දනයට ලක් වූ බොදු පුදබිමක උරුමයක් එලෙසින් වැවුරුකන්නලින් ද ප්‍රකට වෙයි.
අවධානමට පෙර සූදානම…..!
Posted in Exploration with tags ගවේෂණාත්මක, දුර්ලභ, විශේෂිත on January 4, 2011 by nilwalaමම රාගම මමත් HIV ආසාදිත කාන්තාවක්. මට මේක හැදිල දැනට අවුරුදු 10ක් විතර වෙනවා. මගේ මහත්මය විදේශගතවෙලයි හිටියේ. ඊට පස්සේ එයාට හදිසි අසනීප තත්වයක් ඇතිවුනා ඒක පරික්ෂා කළාම තමයි මහත්තයට මෙය ආසාදනය වෙලා තියෙන බව දැන ගත්තේ.”ප්‍රින්සි මංගලිකා මහත්මිය පැවසුවාය.
පින්සි මංගලිකා යනු HIV ආසාධිත කාන්තාවක් ලෙස ආසාධීයන් වෙනුවෙන් සහ අසාදන වලක්වා ගන්නට කැප වී ක්‍රියා කරන කාන්තාවකි. ඇය මෙම වෛරස ආසාදනය වූ පසු විවිධ අතවරවලට ලක් වී ඇති කාන්තාවකි නමුත් වර්තමානයේ ඇය සියල්ලන්ටම ආදර්ශයක් වන කාන්තාවක් වී තිබේ.
‘මගේ මහත්තයට ඒඩ්ස් හැදිල දැනගත්තට පස්සේ අපිට අපේ මුල් ගම වන පිළියන්දල ඉන්න දුන්නෙ නෑ. අපේ ගෙවල් ගිනි තිබ්බා. දරුවන්ට පාරෙ බැහැල යන්න බැරි වුනා. අන්තිමේදි මහත්තය වසබීල මැරුණ. අන්තිමේදී අප පිළියන්දලින් එන්න වුනා.” සංවේගයකින් යුතුව ප්‍රින්සි මංගලිකා මහත්මිය පැවසුවාය.
නමුත් මේ සමාජයේ සිටින කිසිම කෙනෙකු අසල්වැසියාට HIV තිබෙව බව දන්නේ නැත. එයට හේතුව එය බාහිරින් හඳුනා ගත නොහැකි වීමයි නමුත් හඳුනා ගත් අයට සමාජය දක්වන්නේ පුදුමාකාර බයක් බව ඇය පවසන්නීය. නමුත් බිය වියයුත‍්තේ හඳුනා නොගත් අයට බව ඇය පවසයි. “මට HIV ආසාදනය වී ඇති බව දැන ගත්තේ වෛද්‍යවරුන් පවසන නිසා. නැත්නම් මගේ ශරීරයේ කිසිදු වෙනස්කමක් නැහැ. මට ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. වෙනත් අය සමග එකට සිටීමට අවස්ථාව තිබිය යුතුයි. මම සමාජයෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මට සමාජයේ අනික් අයට තියෙන අයිතිවාසිකම් ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි” මංගලිකා කියන්නීය.
කෙසෙවුවත් මේ කථාබහ වලින් ඒඩ්ස් පාලනය කල නොහැක. එය පල හැකි වන්නේ තමා විසින් තමා පාලනය කර ගැනීමයි. එයත් බැරිනම් ඉතිං ආරක්ෂිත ක්‍රමයකට යායුතුය. ඇය පවසන්නේ එසේය. මන්ද යත් එච්.අයි.වී ආසාදිතයෙක් සමග පාරේ ගියාට මෙය බෝවෙන්නෙ නැහැ. රුධිර හුවමාරුවකදී හෝ ලිංගික ඇසුරකදී පමණයි අයෙකුගෙන් තවත් අයෙකුට මෙය බෝවිය හැක්කේ. මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි.” මංගලිකා කීවාය.
ආරක්ෂිත ක්‍රම පිළිබඳව කථාකිරීම සංස්කෘතියට සදාචාරයට පටහිනි යැයි කිසිවෙක් කියූවත් මෙම වෛරසියේ බේරී සිටීමටනම් පාලනය කර ගත නොහැකි නම් කොන්ඩමයක් වත් පැලදීම සුදුසු බව සිහි තබා ගත යුතුය. නැතිනම් ඉතිං ගිය හකුරට හැඩීමට සිදුවනු ඇත.
විශේෂ ස්තූතිය – ජන මාධ්‍ය පර්ෂදය [MMF]
ඡායාරූප – අන්තර්ජාලයෙනි.
පහන් කණුව දිලෙන රැයේ…..
Posted in Enviroment, Haritage, History with tags අපේ උරුමය, ඓතිහාසික, ගවේෂණාත්මක, දුර්ලභ, නිර්මාණ on November 7, 2010 by nilwala
Light House,පහන් කනුව, ප්ර්දීපාගාරය, ලෙස හදුන්වන ප්රැදීපස්ථම්භ දිවයිනේ බොහෝ වෙරළ බඩ ප්රකදේශ වල පිහිටා ඇතත් අග්නි දිග ආසියාවේ උසම පහන් කනුව- දෙවුන්දර තුඩුවේ පිහිටා තිබේ. දිවයිනේ ප්රබදීපා ගාර අතර සුවිශේෂී තැනක් ලංකාවේ දකුණු කෙලවරේ දෙවුන්දර තුඩුවේ පිහිටි ප්රවදීපාගාරයට හිමිය. අට පට්ටම් හැඩෙයන් යුතු මෙය ඉදිකර ඇත්තේ යටත් විජිත සමයේ ඉංග්රිපසින් විසිනි, මුහුදු මට්ටෙම් සිට අඩි 14 ක උසකින් යුතු දෙවුන්දර තුඩුවේ මෙම පහන් කනුව ඉදිකර ඇත්තේ 1886 දීය. ඒ සදහා මුලික වි ඇත්තේ බ්රි්තාන්ය ජාතික විලියම් සහ ඩග්ලස් යන සෙහාදරයින් දෙදෙනාය. මෙහි සැලසුම් සැකසීමේ අයිතිය බ්රිහතාන්ය ජාතික වුඩ්කෝඩ් ෆිල්කින්ටන් (Woodcord Filkimton) සතු බවටද සදහන් වේ. 1890 මහ රැජිනගේ උපන් දිනයදා මෙය විවෘතකරබව පැවසේ. 1976 අප්රෙ.ල් 01 දක්වා මෙය ඉංග්රි සි ජාතීන් යටෙත් පැවතුනි. ඒවක මෙහි ආලෝකය ලබා ගැනීමට අදාල පහන දැල්වීමට තල්මසුන්ගේ තෙල් භාවිතා කරබව ද පැවසේ. කළු ගල් පමණක් භාවිතා කරමින් ඉදිකර ඇති මෙහි උස අඩි 165 පමණවේ, ඉහලට යත්ම ප්රකමාණෙයන් කුඩා වනසේ ඉදිකර ඇත. ප්ර දීපාගාරයක වැදගත් කම ඇත්තේ මුහදු යන නාවිකයන් සහ ධීවරයන්ටයි, ඔවුන ඈත දියඹට ගිය විට ගොඩ බිමට පැමිණිමට මාර්ගය සොයා ගන්නේ ප්රනදීපාගාරයක ආලෝක සංඥා මගිනි, දෙවුන්දර ප්රාදීපාගාරෙය් ආලෝක සංඥා මුහුදු සැතපුම් 125 පමණ විහිදෙන බව මුහුදු යන්නෝ පවසති.
රිටිපන්න ධීවර කර්මාන්තය…? Still Fishermens…?
Posted in Enviroment, Exploration, Haritage, History, Uncategorized with tags ඓතිහාසික, ගවේෂණාත්මක, දුර්ලභ, පාරිසරික, විශේෂිත on September 27, 2010 by nilwalaලංකාවේ දකුණු ප්‍රදේශයට ගමන් කරන සංචාරකයෙකුට හමුවන සම්ප්‍රධායීක කර්මාන්ත අතර රිටි පන්න ධීවර කාර්මාන්තය නෙතට රසදුනක් වන් කාර්මාන්තයකි. නොගැඹුරු නිල්වන් කරදිය මත සිරස් අතට නැගුන අඩ් 8 ක් හෝ 10 ක් පමණ වන ලීයක් මත තිරස් අතට බැදුන ලීයක් උඩ හිදගත් බීලීපිත්තක් අතැති මිනිසා ක්ෂිතිජය මත ඇදුන සිත්තමක් සේ පෙනෙන විට බොහෝ සංචාරකයන්ට එම දර්ශණය මගහැර වෙනතක යාම බොහෝ අසීරු කාරණයකි. දකුණු මුහුදු තිරයේ අම්බලන්ගොඩ, මිරිස්ස, පොල්හේන ආදී වෙරල තීරයන් වළ දැකිය හැකි මෙම දර්ශණය දෙසට නෙත නොහෙලන සංචාරකයෙකු සොයා ගැනීම විරලය.
මාතර කොළඹ මාර්ගයේ ගමන් කරන විට පවා දැක ගත හැකි රිටි පන්න ධීවර කාර්මිකයන් දෙස මාර්ගයේ ගමන් කරන රථ වාහන පවා නවතා ගෙන ඒ තුලට වී සුව පහසුවෙන් නරඹනවා මෙන්ම දකුණේ සංචාරකයන් බොහෝ පිරිසක් පැමිණෙන පොල්හේන වෙරළ වැනි ස්ථාන වළ බොහෝ දෙනෙක් විඩාව නිවා ගන්නා ගමන් නරඹන දර්ශණයකි රිටි පන්න ධීවර කාර්මාන්තය. මේ ආකාරයට බොහෝ දෙනෙක් මෙය නැරඹුවත් එම කාර්මාන්ත කරුවන් මෙය කරන්නේ සංචාරකයින්ගේ සිත් සතුටු කිරීමට නම් නොවේ.
පළමු හිරු කිරණ මහ පොළොව ස්පර්ෂ කිරීමටත් පෙර තම ජීවිතයේ පැවැත්ම රදා පවතින මහ සයුර වෙත ඇදෙන මේ මිනිසුන් එක් අතකින් ගත් බීලී පිති ඇතුලූ ධීවර ආම්පන්නද අනෙක් අතින් මාළුන් රැගෙන ඒමට ගන්නා මල්ලක්ද ගෙන සීතල කරදියේ කරවටක් ගමන් කර තමන්ගේ රිට මතට නැග ගනිති. භාවනාවකට සමවැදී යෝගියෙකු ඒයටම සිත යොමු කරන්නාක් මෙන් සසල වන ජල තලය දෙස නිසලව බලා හිදිමින් තම කාර්මාන්තය ආරඹන මේ මිනිසුන් උදෑසන 10 පමණ වන තෙක් මේ ආකාරයට කාර්මාන්තයේ නිරත වන්නේය.
මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම දඩයමින් ජීවිතය සරි කරගත් ආකාරයටම මොවුන් මෙලෙස රිටක් මතට නැගෙනුයේ ජීවිතය සැපවත් කරගැනීමට නොව ජීවිතය ජීවත් කරවීමට කාසි පණම් සෙවීමටය. මෙම කාර්මාන්තයේ නිරත වන මිනිසුන් අතර විවිධ වයස් තරාතිරම් වල පුද්ගලයන්ද සිටිති. පියා කර්මාන්තය කිරීමට රිටි මතට නැගෙනුයේ නම් බිරිද සහ දරුවන් අනෙකුත් උදවු උපකාර ඔහුට කරන්නේය වයස අවුරුදු 18 – 20 වන විට රිටක් මතට නැගීමට පියාගේ ඇවෑමෙන් මේ දරුවන්ටද සිදුවේ. ඔවුන්ගේ රැකියාවේ ස්ථීර භාවය එයයි. ඒ ආකාරයට පියාට සහය වෙමින් පොල්හේන මුහුදු තිරයේ හැදුන වැඩුන තරුණයෙකු ලෙස ණග්‍යග රෝෂන් කුමාර ට වයස අවුරුදු 17 ක් වන විට 1999 වර්ෂයේදී රිටක් මතට නැග මසුන් ඇල්ලීමේ රිටි පන්න ධීවර කාර්මාන්තයට යොමු වීමට ඉඩකඩ ලැබුනි. ඒදා සිට මේ දක්වා වසර 11 ක කාලයක් දිනපතා හිරු මුහුදෙන් ඉහලට එසවෙන විට මුහුදට බසිමින් රෝෂන් මෙම කර්මාන්තයේ නිරත වන්නේය.
බොහෝ තරුනයන් කවට කතා කියමින් නොයෙක් රැකියා වල නිරත වෙද්දී රෝෂන් රිටක් මත හිද ගොලූවත රකිමින් රැකියාව කරන අතරතුර බොහෝ දේවල් ඔහුගේ මතකයට එයි. තමන්ගේ වයසේ තරුණයන් සුන්දර පොල්හේන වෙරළේ සතුටු වෙද්දී තමන් ගොලූවත රකිමින් හුදකාලාව මේ රැකියාව කරන්නේ ජීවත් වන්නට මුදල් අත්‍යාවශ්‍ය නිසාම නොව මෙය පවුලෙන් තමන්ට ලැබුනු දායාදයක් නිසාමය. — මේ රස්සාව කරන්න පටන් ගත්තේ අපරාදේ කියල හිතෙනවා එහෙම ඉන්න කොට වෙන ජෝබ් එකක් කරා නම් මේ වාගේ දුකක් නැහැනේ ˜ ඔහු පවසන්නේය.
බොහෝ අයට සයුර සිත් ඇද බැද තබා ගත්්තත් නිතර දෙවේලේ දකින මුහුද රෝෂන්ට නම් රසදුනක් නොවේ. ඒ නිසාම රිට මත නැග කරන රැකියාවද බලන අයට රසදුනක් වුවත් රෝෂන්ට එය වත්මන එපා වී ඇත . ඒසේ වීමට හේතු කාරණා රාශියක් ඇත . උදෑසන 5 පමණ සිට උදෑසන 10 පමණ වන තෙක් එකම ඉරියව්වකින් රැකියාව කර අල්ලා ගත් මාළු විකිණීම ඔහු සිදු කරයි. අනතුරුව නැවතත් ඔහු සවස 4 ට පමණ රිට මතට ගමන් කරයි. එවිට අවු රස්මිය විද ගනිමින් තනි ලීයක් මත හිදීම කෙතරම් අසීරු වන්නේද කියා බලන අයට තේරුම් ගැනීම අපහසුය. සැප සොපාවක වුවත් එක දිගට පැය කිහිපයක් සිටීම කොතරම් ආසිරු දැයි කියා දන්නා අයට රිටක් මත හිද රෝෂන්ලා කරන රැකියාව කෙතරම් ආසිරු දැයි සිතා ගැනීම අපහසු නොවනු ඇත . —මම රස්සාව පටන් ගත්ත මුල් දවස් වල රිමේ ඉදල ගොඩට ආවම පුටුවක වාඩිවෙන්නවත් බැරි තරම් ආමාරු වුනා ˜ රෝෂන් ඔහු විදි ආසිරුතාවයන් මෙනෙහි කරන්නේය.
මේ ආකාරයෙන් රිටි මත හිදිමින් රැකියාව කරන ඔවුන්ට ප්‍රධාන වශයෙන් මාළුන් වර්ග දෙකක් හසු වෙති. — අපිට ගොඩක්ම අවුවෙන්නේ කොරඹුරු මාළු අනිත් එක බොල්ලෝ මාළු ˜ රෝෂන් කියන ආකාරයට මේ දෙවර්ගය අතරින් බොල්ලෝ මාළු හසුවන දවසට අතමිට සරුය. එහෙත් අනෙක විද ගැටලූ රාශියක් විද අල්ලා ගන්නා මාළුන් විකුණා ගැනීමද මොවුන්ට ගැටළුවකි. — අපි සාමන්‍යයෙන් රුපියල් සියට බොල්ලෝ හතර දෙනෙක් විතර දෙනවා ඒ වුනාට මිනිස්සු කියන්නේ ඒකත් ගාන වැඩියි කියල ˜ ඔහු කියයි. කෙසේ හෝ දුක් විද අල්ලා ගන්නා මාළු විකුණා ගන්නා රෝෂන්ලා දවසට වියදම සදහා එය භාවිත කරති ඒ අතරම හොද නිවසක ජීවත් වීමට අති ආශාව නිසාම යමක් කමක් ඉතිරි කර නිවසක් සාදා ගැනීමට රෝෂන්ට හැකි වි තිෙබේ. වසර 11ක කාලයක් තුල කොලූ ගැටයකු ලෙස සයුරට බැසගත් රෝෂන් වර්තමානයේ දෙදරු පියෙකි. ඔහු මේ සියල්ල කර ගත්තේ රිටිපන්න ධිවර කර්මාන්තයෙන් බවපවසන රෝෂන් තවත් වැදගත් කරුණක් ඉස්මතු කරන්නේය. —අපි ජොබ් එක පටන් ගන්න කාලේ අපිට තිබුනෙ සීමිත ප්‍රශ්ණ ටිකක් විතරයි හැබැයි දැන් ඒක වෙනස්වෙලා මිනිස්සු නොහිතන ප්‍රශ්ණ තමයි දැන් අපිට තියෙන්නේ ˜ රෝෂන් කියන්නේ රැකියාව කිරීමට ඔවුන්ට තිඛෙන ගැටළු නොවේ. වත්මන් සමාජය ඔවුන්ට ලබාදී ඇති ගැටළු පිළිබඳවය.
මීට වසර ගණනාවකට පෙර තිබූ තත්ත්වයට වඩා සමාජය කරන කටයුතු ඔවුන්ගේ රැකියාවට තදින්ම බලපා තිබේ. විශේෂයෙන්ම පොල්හේන වැනි සංචාරකයන් බහුල ස්ථානවල ඔවුන් මේ ගැටළුවට තදින් මුහුණ දීමට සිදුව තිබේ. —ඉස්සර මේකෙ ඔණ තැනකින් මූදට බහින්න පුළුවන්කම තිබුණා හැබැයි දැන් හැම තැනම හොටෙල් ගහල තාප්ප බැඳල අපිට ජොබ් එක කරන්න මූදට බහින්න තැනක්වත් දැන් නැහැ.˜ රෝෂන් ඔවුන්ට ඇති එක් ගැටළුවක් විස්තර කරන්නේය.වෙරළ තීරය පවා වැටවල් ගසා කොටු කරගන්නා අපේ මිනිසුන් නිසා එක අතකින් රෝෂන්ගා වැනි මිනිසුන්ගේ රැකියාවට කණකොකා හඬමින් පවතී. එමෙන්ම වෙරළ තීරයට කැළි කසල දමමින් පරිසරය අපවිත්‍ර කරන මිනිසුන් නිසාද ඔවුන්ගේ රිටිපන්න ධිවර කර්මාන්තය අඩපණ වෙමින් ඇති බව රෝෂන් කියන්නේය. එමෙන්ම රෝෂන් වැනි සාම්ප්‍රදායික රැකියාවක් රැක ගන්නා මිනිසුන්ට මේ සමාජය ලබා දෙන මානසික අසහනයද සුලූ පටු නොවේ. — සමහර වේලාවට මාළු ගන්න එන මිනිස්සු අපිට බැනල යන්නේ අපි පොඩි ලාබයක් තියාගෙන ජීවත් වෙන්න හම්බ කරන්නේ හැබැයි මිනිස්සු අහනව මාළු මෙච්චර මිළ මාළුන්ට කන්න දෙන්නේ ඔයාලද කියල ˜ රෝෂන් කියයි. කෙසේ වුවත් මිනිසුන්ගේ මෙම වාග් ප්‍රහාරයන් හමුවේ රැකියාව කිරීමට පෙළඹෙන පිරිස අඩුවෙමින් යති.
වසර 11 ක සිය රැකියාවේ අත්දැකිම් සමග ජිවත් වන රෝෂන්ට ඇති එකම සැනසීම සිය නිවසයි. රැකියාව කරන කාලය තුල නිහඩව ගතකරන රෝෂන් නිවසට ගිය විට බොහෝ සැහැල්ලූවෙන් දරුවන් සමග කාලය ගත කරන්නේ රැකියාවේ විඩාව සංසිදුවා ගැනීමටය. නමුත් සැනසීමෙන් නිවසේ සිට රැකියාවට එන රෝෂන්ගේ සැහැල්ලූව ක්ෂණයකින් නැති වන්නේ අපේම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතු කොට ගෙනය — සමහර දවස් වල අපි රස්සාවට එන කොට අපේ රිටි ගලවල දාල තියෙනව ˜ එය ඔවුන්ට එල්ල වී ඇති ප්‍රධාන ගැටළුවකි. විශේෂයෙන්ම පොල් හේන වෙරළ තිරයේ දිය නෑමට පැමිනේන සංචාරකයින් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇත්තවුන් වුවත් විනෝදය පිණිස රෝෂන්ලාගේ ජීවිතය ශක්තිය වන රිටි උගුල්ලා දමති. මෙයින් අපහසුතාවයට පත් වන්නේ රෝෂන්ලා වැනි අහිංසකයින්ය.
එලෙසම රෝෂන්ලා රිට මතට නැග්ග විට සම්ප්‍රදායක් ලෙස කිසිවක් කතා නොකරති. එයට හේතුව කටහඩට බිය වී මසුන් ඉවතට යාම සිදු වේ යයි විශ්වාස කරන බැවිනි. නමුත් පොල්හේන තිරයේ සංචාරකයින් දිය ක්‍රිඩා කිරීමට යොදා ගන්නේ ධීවරයන් නැති රිටි අම්පන්නයි. මෙවිට මසුන් බිය වී ඉවතට යන බව රෝෂන් පවසයි. — නාන අය මෙතැන්ට අවිල්ල දගලන කොට මාළු කිට්ටුවටවත් එන්නේ නැ˜ ඒ නිසාම ඔවුන්ගේ ආර්ථීකයටද එය බරලතල හානියක් වී තිබේ. ඒසේම සංචාරකයින් වැඩි වශයෙන් පැමිනෙන සෙනසුරාදා මෙම හානියද උපරිමය. ඒ නිසාම සදුදා දිනයේ වැඩි කාලයක් රෝෂන්ලාට සිදු වන්නේ රිටි ආම්පන්න පිළිසකර කිරීමටය.
ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමග ඇති වී තිඛෙන වෘත්තීන් වලින් එකක් වන මෙම රැකියාව ශ්‍රී ලංකික බව ලොවට කියා පෑමටත් ඉවහල් වන අවස්ථා තිබේ. නමුත් දිවියට සවියක් වන මෙය නෙතට රසදුනක් වෙම්න් පැවැතීම අවසාන වල කාලය ලගදීම එලැඹේදැයි සිතන තරමටම රෝෂන්ලාට මේ සමාජය විසින් ගැටළු උරුම කර දී තිබේ. ඒ හේතුවෙන්ම රෝෂන්ගේ දරුවන් රිටිපන්න ධීවර කර්මාන්තයට යොමුවනවාට ද රෝෂන් කැමති නැත .
බලාහිද සතුටු වන්නන්ට රිටි පන්න ධීවර කාර්මාන්තය නැරඹුවාට රෝෂන්ලාට ගැටළුක් නැත . නමුත් තමන්ගේ විනෝදය වෙනුවෙන් අහිංසක මිනිසුන්ගේ ජීවන වෘත්තියට හානියක් කිරීම යහපත් මිනිසුන්ගේ කාර්යක් නොවේි. ඒ නිසා රෝෂන්ලාගේ අනාගතය අදුරු නොකිරීමට වගබලා ගැනීම යහපත් වු මිනිසුන්ගේ වගකීමකි. එය වැදගත් වන්නේ රෝෂන්ලාගේ ජීවන වෘත්තියට පමණක් නොවේ. රටේ සුන්දරත්වය රැක ගැනීමටත් එය වැදගත් වනු ඇත .
English Story
If a tourist is traveling to the south of Sri Lanka, he will come across one traditional livelihood method of stilt fishing. Though they may be beautiful to look at, perched on stilt, in shallow clear water, these fishermen have it rough while they wait for their catch. They spend hours sitting on a thin plank, like a silhouette painted on the horizon. For many tourists, this is a sight they do not want to miss. On the southern coastal belt, in places such as Ambalangoda, Mirissa, and Polhena, it’s a frequent sight to see a throng of tourists watching these men at work.
It’s a common sight on the Colombo Matara Highway to see tourists stationed at the beach or from the comfort of their vehicles, observing these stilt fishermen. Many make the Polhena beach their stop to observe them. However, this is not a performance by these fishermen to entertain these visitors.
Even before the first rays of the sun hits the earth, these people, whose lives depend on the ocean, leave their homes carrying the fishing rod in one hand and bait with the other. Until about 10 AM they perch on their stilts, engaging in their trade, which looks almost as if they are meditating for their day’s catch.
With the dawn of civilization, as hunters sustained their lives with perseverance and wit, these people too make a living through stilt fishing not to live a luxurious life but to make ends meet. The ages vary among those that engage in this craft.
If the father is a stilt fisherman, the children and his wife assist him and by the time the children are between 18-20 they too learn this craft to follow suit. So that this livelihood is successfully continued within the family.
K H Roshan Kumara from a coastal village in Polhena is one such child who learnt this craft from his father. In 1999 he was able to climb the stilt to engage in the fishing industry and earn a living. 11 years later, he continues to brave the surf and engage in stilt fishing from dawn.
Many young people will spend their time, cracking jokes and engaging in less strenuous work however Roshan opted to sit on a stilt and fish. While braving the waves that are swirling a few feet below him, Roshan is aware of youth who frolic on the beach while he sits immobile in solitude, but he continues to do so because it’s a way to make a living, and also because it was his inheritance given to him, by his father. “At times I regret taking up this job, and I wouldn’t feel so bad if I had another job” he says.
For many, the sea is something that fascinates them, but it’s not the same for Roshan whose life and livelihood is intertwined with it. Even if Roshan’s line of work fascinates tourists, it’s not something he looks forward to. There are many reasons for it. Staying still on a stilt from 5AM-10AM and thereafter he goes to sell his day’s catch. Then again, he returns back to the stilt at 4 PM when the sun sears down he sits on a thin plank on his stilt to catch more fish. Roshan goes on to say how difficult it was for him at the start when he started being a stilt fisherman, after sitting on a stilt for hours he found it difficult to sit on a chair.
There are two types of fish that these stilt fisher folk hope to catch, “most often than not we get Koramburu fish and the other type is Bollu fish.” According to Roshan, the days that he catches Bollu fish, he gets a better price for it. However, despite his strenuous effort to catch fish, he faces a greater difficulty in trying to sell his day’s catch. “Usually we sell four Bollu fish at Rs. 100, however, people say even that is unreasonably pricey,” he says. What he earns therefore, is spent on his daily expenses. At the same time, his desire to live in a solidly built house has resulted in him saving up and building a home for his family.
Even though Roshan started following his father’s footsteps as a boy 11 years ago, today he’s a father of two. He says he achieved all what he has through stilt fishing, highlighting an important fact.
“When we started on this profession, our problems were limited, now it is not so. We have problems which most people cannot even imagine,” says Roshan, he goes on to clarify that its not problems that they face to engage in their trade but problems that society has thrown at them.
Unlike several years ago, certain changes in society have greatly affected their line of work, especially in an area like Polhena where tourism is the main income generating industry. “Earlier we could wade in to any place in the sea, but now there are many hotels all over and they have put up walls restricting our access and there aren’t many places where we can wade in to earn a living” elaborates a problem many like Roshan face on a daily basis now.
A certain death knell is sounded for the stilt fishing industry at a time when even the beach is sectioned off with fences and access is limited for local people. At the same time pollution of the coastal strip has also resulted in this industry being weakened further.
Similarly a traditional stilt fishing community does not have the support from the society they live in, “Sometimes people who come to buy fish, scold us saying that the price is too high even though we keep a very small profit, they even ask if we feed the fish for it to be so expensive” says Roshan. As a result, in the face of such accusations, the numbers of stilt fisher folk have dwindled over the years.
After 11 years of working in this profession, Roshan’s very happy to have a home of his own. Even though he spends hours at work in silence, he breaks that monotony and fatigue by spending time with his children to recover from it. But that peace of mind and relief is short lived when he returns back to the sea to start work again; it’s our people who are responsible for it, “Sometimes when I get back to work, the stilts are removed from their usual spots.” Many sea bathing tourists, who may be sensitive individuals, but for the sake of sport or fun, they remove these stilts which is necessary to sustain the lives of this stilt fisher community, causing immense hardship for people like Roshan.
As a tradition, once perched on the stilts, these fishermen refrain from talking. They believe that the sound of voices scare the fish away from their bait. But tourists in the Polhena area use unmanned stilts to frolic and play in the water just near them. This scares off the day’s catch, explains Roshan. “When the sea bathers come here to play and frolic the fish swim away from us.”
This has dealt a severe blow to their livelihood. On Saturdays with more tourists on the beach and water, the harm they cause is more. Therefore for fisher folk like Roshan, they spend more time on stilts on Monday’s to make up for that loss.
Fishing is a livelihood method that has been around since the dawn of civilization and stilt fishing is synonymous with Sri Lanka. However, this way of life though it’s a treat for the eyes, is on a downward spiral with zero support from the tourist industry or the community these fisher folk like Roshan live in.
Roshan has no problem with tourists watching them work from a fair distance, but its no laughing matter to meddle with the only source of income that these people depend on. It is essential that society recognizes that they should support and allow fisher folk like Roshan to engage in their work without any problems and distractions which will ultimately not just sustain livelihoods but also retain one of the world’s most unique sights for generations to come.




















