කපිල රාමනායක
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීම අපේ රටේ ප්‍රධානතම කාර්යභාරයක් බවට පත්ව ඇත. මේ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් රජය මගින් ක්‍රියාත්මක කරමින් පවතී. නමුත් මේ සම්බන්ධයෙන් බිම් මූල මට්ටම දක්වා ගමන් කරන ගැඹුරු සාකච්ඡාවක් ගොඩනැගීමට රජය වගේම අනෙකුත් පාර්ශවයන් ද අසමත් වී ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරනු ලබනුයේ රටේ ඉදිරි අනාගතයේ පැවැත්ම වෙනුවෙනි. එම නිසා ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ දී රටේ උගතුන් සහ විද්වතුන්ගේ අදහස් ලබාගෙන පමණක් සිදුකිරීම අනිවාර්යෙන්ම සිදුනොවිය යුතු දෙයකි. ඒ සදහා බිම් මුල් මට්ටමේ ප්‍රජාවගේ ද අදහස් හා යෝජනා ලබා ගනිමින් ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව නිර්මාණය කිරීම වඩාත් සුදුසු බව අපගේ හැගීම වේ.
මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබදව මහජන අදහස් විමසා අවසන් වී ඇත. මහජනයාගේ අදහස් විමසීමේදී නම් කරන ලද ප්‍රධාන ශීර්ෂ කිහිපයක් යටතේ අදහස් ලබා ගැනීමට කටයුතු කර තිබුනි. ඒ අනුව රාජ්‍යයේ ස්වභාවය, ආණ්ඩුක්රමයේ ස්වරූපය( විධායක ජනාධිපති හො පාර්ලිමේන්තු ක්‍රමය), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය, පුරවැසිභාවය, ආගම, මූලික අයිතිවාසිකම් හා යුතුකම්, භාෂා අයිතිය, කණ්ඩායම් අයිතිය හා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවිමේ මූලධර්ම ආදි කරුණු මෙම ශීර්ෂයන් යටතට අයත්ව තිබුනි. එමෙන්ම ව්‍යවස්ථාදායකය(ඒක මණ්ඩල/ද්වි මණ්ඩල), පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය/ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර බලය වෙන් කිරීම ආදිය පිළිබදව ද මහජන අදහස් ලබා ගැනීමේ අවධානයට ලක්කර තිබුනි. එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය හා අධිකරණ ව්‍යුහය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, බල හවුල්කාරීත්වය, බලය පැවරීම හා පළාත් පාලනය, කේන්ද්‍රයේ බල හවුල්කාරීත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල හා ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම පිළිබද අදහස්ද මහජනතාවගෙන් ලබා ගැනීමට කටයුතු යොදා තිබුනි. එමෙන්ම රාජ්‍ය සේවය, මැතිවරණ ප්රතිස්ංස්කරණය, පනත් පිළිබද අධිකරණ පිළිබදව, පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ජනධිපතිගේ බලතල සීමා කිරීම, පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ජනධිපති පත්කිරීම, මහජන ආරක්ෂාව, මූල්‍ය පරිහරණය සහ මහජනතාව දක්වන වෙනත් අදහස් ආදිය පිළිබදව අවධානය යොමුකරමින් මෙම අදහස් ලබා ගැනීම සිදුකරන ලදී.
මෙම මහජන අදහස් ලබා ගැනීම දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන ලද නමුත් එය එතරම් සාර්ථක ක්‍රියාවක් නොවන බව අප කළ විමසීමකදී බිම්මට්ටමේ ප්‍රජාගේ අදහස වී තිබුනි. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජීවත්වන බර්නාට් මහතා පවසනුයේ ’’ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මහජන අදහස් ලබා ගැනීම දිස්ත්‍රික් මට්ටමින් සිදුකරනු ලැබුවද නෙළුව ප්‍රදේශයේ ජනතාව ඒ පිළිබදව කිසිදු දැනුවත් වීමක් ලැබිල නැහැ. ඒනිසා සාර්ථක අදහස් ගමේ ජනතාව ගැන තිබුනත් ඒ අදහස් ලබා ගන්න කටයුතු කරලත් නැහැ. අපි ඒ ගැන දැනුවත් වෙලත් නැහැ. ඒනිසා නිර්මාණය කරමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ වේවිද කියලා මට හිතා ගන්න බැහැ.’’ මෙමගින් ගම්‍ය වනුයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සදහා මහජන අදහස් ලබාගෙන තිබුනද එය බිම් මට්ටමට නැතහොත් ග්‍රාමීය මට්ටම දක්වා ගොස් නොමැති බවයි.
මේ පිළිබදව අදහස් විමසීමේදී නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේම පදිංචි තවත් ප්‍රජා නායිකාවක් වන පත්මිනී වේරගොඩ මහත්මිය පවසනු ලැබූයේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තුලින් කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබිය යුතු බවයි. එමෙන්ම මැතිවරණයකදී කාන්තා නියෝජනයට අවස්ථාව නව ව්‍යවස්ථාව තුලින් හිමිවිය යුතු බව ඇයගේ අදහස් වී ඇත.
ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට නිදහස් සමාජයක් නිර්මාණය විය යුතු අතර මේ සදහා රටේ ආර්ථිකය ක්රමාණුකූලව දියුණු කිරීම සදහා නව ව්‍යවස්ථාව තුලින් අවස්ථාව හිමිවිය යුතුබවද නොළුව ප්‍රදේශයේ ජනතවාගේ අදහසවී තිබුනි. එමේනම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කිරීමේදී දේශපාලන නියෝජිතයන් ලෙස ඉදිරිපත්වන අයගේ අධ්‍යාපනය, චරිතය සහ සුදුසුකම් පිළිබදවද අවධානය යොමුකරමින් ප්‍රතිපත්ති සම්පාදනය කලයුතු බව නෙළුව ප්‍රදේශයේ ජීවත්වන විශ්‍රාමික නිළධාරියකුවන සී.ජේ සිරිසේන මහතාගේ අදහසවී තිබුනි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබදව ප්‍රජාවගේ අදහස් විමසීමේදී තරුණ ප්‍රජාව දෙසද අනිවර්යෙන් අවධානය යොමුවිය යුතු බව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වන නෙළුව ඉහළ ගිගුම් මඩුව ප්‍රදේශයේ ජීවත්වන ලහිරු සදරුවන් පවසයි. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන්ද නව නීති සම්පාදනය කරමින් කටයුතු කලයුතු බවද ඔහුගේ අදහසවී තිබුනි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී මහජන අදහස් ලබාගැනීම ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්තවී නොතිබෙන බව අප කල විමසීමේදී බොහෝ දෙනාගේ අදහසවී තිබුනි. එමනිසා වඩාත් සාර්ථක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී සෑම ප්‍රදේශයකම සෑම ජනවර්ගයක්ම නියෝජනය වන පරිදි අදහස් විමසීම තුලින් සාර්ථක ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපගේ විශ්වාසය වී පවති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරනුයේ රටේ ආනගතයටයි. අනාගත පරපුරටයි. ඒ සදහා මෙය ඉතා පළදායී අයුරින් නිර්මාණය කල යුතුය. රටතුල ජීවත්වන සෑම ජනවර්ගයක්ම නියෝජනය වන පරිදි අදහස් විමසීම ඉතා වැදගත්වනු ඇත. සෑම මිනිසකුටම නිදහසින් සහ සාමයෙන් ජීවත්වීමට ඇති අයිතියද මෙමගින් තහවුරුකල යුතුය. මෙය රටේ අනාගතයට ඉතා වැදගත්වනු ඇතැයි අපගේ විශ්වාසයවී ඇත.
විශේෂ ස්තූතිය – මාතර ප්‍රතිභා මාධ්‍ය ජාලයට
තොමසු පුරාණය නම් ග්රන්ථයට අනුව මාතර පිහිටා ඇත්තේ පැරණි ක්‍රමයට අනුව සියවැනි සැතපුම් කණුව සමීපයේය.
කඩවත් සතර,
වැල්ලබඩ පත්තූව,
ගඟබඩ පත්තූව,
වැලිගම් කෝරළය,
මොරවක් කෝරළය,
යන ප්‍රදේශවලින් යුතූ දකූණු පළාතේ දෙවැනි උප නගරය මාතරයි. මෙම නගරය මායිම්ව ඇත්තේ එක් පසකින් ඉන්දියන් සාගරයෙන් හා රක්වාන කඳුවැටියෙන් ආරම්භව ගලාබසින “නිල්වලා” නදිය මධ්‍යගත කොට ගෙනයි.
මාතර ජනාවාස ආරම්භය පිළිබඳව සොයා බලන විට සොයාගත හැකි කරුණක් නම්, ලම්භකර්ණ වංශිකයන් පරදවා ක්‍රි .ව 33-43 අනුරාධපුරයේ රජකම් කල ඉලනාග රජු පසු කාලයේදි ලම්භකර්ණ වංශිකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ පරසු තිථලයක් වශයෙන් මාතර ප්‍රදේශයේ කාලයක් වාසය කල බවයි. පසු කලෙකදී ලම්භකර්ණයන් පරදවා නැවත වරක් අනුරාධපුරය තම රාජධානිය කරගත් සමයේ මාතර පරුවතදේශයේ විසු නාග වංශිකයෝ බලවත්ව සිටි බව ද ඉතිහාසයේ සඳහන් වෙයි. ගම්පොළ යුගයේ පස්වැනි බුවනෙකබාහු (1371-1408) රජතූමාගේ පර ගමතිරාජ පදවිය ලබා සිටි වීරබාහු ඈපා නම් ලද්දෙකූ විසින් මාපා පටුන මාතර නගරයේ ගොඩ නැංවු බවත්, ආරම්භයේදී ‘මාතොට’ ‘මහතොට’ නමින්ද පසු කාලයේ ‘මහතිත්න’ නමින්ද හැදින්වු බවත්, අවසානයේ පෘතූගීසීන්ගේ වැරදි උච්චාරණයක් නිසා මාතර නමින් හැදින්වූ බවත්, ඵසේම කොළඹ සිට පැමිණෙන මාර්ගයේ කළු ඟඟ තරණය කරන කළුතොට තෙර වරාය, කළුතර වශයෙන්ද, බෙන්තර ඟඟ තරණය කරන බෙන්තොට, බෙන්තර වශයෙන්ද, වැලිතොට වැලිතර වශයෙන්ද, මාතර නිල්වලා ඟඟ තරණය කරන ‘මහතොට’, ‘මාතොට’ ‘මාතර’ වූ බවද කියවේ. යටත් විජිත කාලයට පෙර සිටම මාතර විවිධ ජාතීන් ඵකට විසු බවට ඉතිහාසයේ සදහන් වේ.
පරෙයිදූව අද රන්දූව..
යටත් විජිත යුගයට පෙර පොදුවේ දිවයිනේ අනෙකූත් ප්‍රදේශවල මෙන්ම මාතර දේශයේද සාහිත්‍ය ප්රබෝධයක් තිබූ බවට ඉතිහාසයේ සදහන් වේ. මේ සඳහා ප්‍රධාන කේන්ද්‍රරස්ථානය වී ඇත්තේ බෞද්ධ මධ්යස්ථානයන්ය. වීරබාහු ඈපාණන් විසින් මාපා පටුන මාතර නගරයේ ගොඩනැංවීමට පෙර දුර අතීතයේ සිටම ලෝක වෙළදපළ හා සම්බන්ධතාවයක් තිබූ බවට සාක්ෂි ලැබී ඇත. ග්‍රීක, රෝම හා පර්සියන් ජාතිකයන්ට අයත් ජාත්‍යන්තර වෙළඳුන් මෙම ප්‍රදේශය හා සම්බන්ධ වූ බවට සාක්ෂි ඇත.
18 වැනි සියවසේ මැද භාගයේ සිට 19 වැනි සියවසේ දෙවැනි දශකය තෙක් රුහුණේ ජීවත් වූ ගජමන් නෝනා කිවිදිය විසින් රචිත ‘දැඩිතර ශෝක මාලය’ නැමැති කෘතියෙන් 18 වැනි සියවසේ මාතර පුරවරයේ තිබූ වරප්‍රසාද, බලකොටු, පවුරු පදනම්, සල්පිල් යනාදියෙන් පැවැති යැයි සදහන් වේ.
මෙලෙස ආරම්භ වූවායැයි සැලකෙන මාතර ඉතිහාසය මෙන්ම වර්තමානයේදී ද මාතර දිසාවෙන් විවිධ කරුණු කාරණා සොයාගත හැකිය.
දෙවිනුවර ශ්‍රී විෂ්ණු උත්පලවන්නා දේවාලයේ පෙරහැර මංගල්‍ය අගෝස්තු මස 13 වැනි දින රාත්‍රී පෙරහැරත් සමග නිමාවට පත්වුණා.
ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම සුවහසක් බැතිමතුන්ගේ වන්දනාමානයට පත්වුනේ අනාදිමත් කාලයක පටන්ය. වර්තමානයේද අතීතයේ මෙන්ම දෙවිනුවර පුද බිම බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙති. පුද බිමට අරක්ගත් උප්පලවන්න හෙවත් උපුල්වන් දෙවියන්ගේ බැල්ම පුදබිම අරා පැතිර තිබේ උපුල්වන් දෙවියන්ගේ දේවාලය පිහිටි දෙවිනුවර පුද බිමේ ඉතිහාසය රාම රාවණා යුග දක්වා අතීතයට දිවයයි. රාම රාවණා යුද්ධය සිදුවු ස්ථානය ලෙස සැලකෙන්නේද මෙම පුද බිමයි. ප්‍රදේශයේ ඇති ජනප්‍රවාද හා එහි ගම්නම් ව්‍යවහාරයන් ඒ සඳහා සාක්ෂි සපයයි. කතරගම දෙවිඳුන් ගොඩබට ස්ථානයද පිහිටා තිබෙන්නේ දෙවිනුවරයි. එය මඟුල් වැල්ල ලෙස හඳුන්වයි. එලෙස දෙවිනුවර පිළිබඳ පවතින පුරාණෝක්ති වංශ කථා මෙන්ම පුරාවිද්‍යත්මක සාධකද දෙවිනුවර ඉපැරණිම නගරයක් බව සනාථ කරයි. ඇතැම් ඉතිහාසසේවීහු දිවයීනේ පිහිටි පුරාණතම නගරය ලෙසින් සලකන්නේද දෙවිනුවරයි. දැනට භාවිත කෙරෙන ඉපැරණිම ලෝක සිතියම ක්‍රි.ව. 140 දී පමණ නිර්මාණය කලේ ග්‍රීක ජාතික ටොලමි විසිනි ඔහු දෙවිනුවර හදුන්වා ඇත්තේ දෙවියන්ගේ භූමිය අර්ථවත් කරන “දගන” නමිනි. එකල සිටම දේවත්වයෙන් පාරිශුද්ධ වු භුමියක් ලෙස දෙවිනුවර සලකා ඇත. සිරිලකට අරක්ගත් සතර වරම් දෙවියන් ගෙන් උප්පලවන්න දෙවිදුන්ට කැප වු පුද බිම දෙවිනුවරයි. දීප වංශය සිංහලයේ පැරණිතම ඉතිහාස ග්‍රන්ථයයි. උපුල්වන් දෙවියන් පිළිබද එහි මෙලෙස සටහන් වී තිබේ “ඒ ශාස්තෘන් වහන්සේ එම්බා ශක්රයය, තොප ලංකාද්විපය රැක ගැනීමට පමා නොව යැයි, දේවේශ්වර වු ශක්රශයා, අමතා වදාළ සේක.” සුජාතා දෙවගනගේ ස්වාමි හෙවත් ප්‍රජාපතී වු සක් දෙව් රජ තම සම්‍යක් සම්බුද්ධයන්ගේ වදන් අසා උප්පලවන්නා දෙවිහට ලක්දිව ආරක්ෂා කිරීමට කරුණු කීවේය. මහත්වු සෘද්ධී ඇති ඒ උප්පලවන්නා දෙවිතෙමේ සක්දෙවි රජුගේ වදන්අසා පිරිවර දෙවියනි සහිතව ලක්දිව ආරක්ෂාවට එළඹසිටියේය. ගෞතම බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දින විජය ඇතුළු සත්සියයක් පිරිස සිංහල ද්විපයට ආරක්ෂාකාරීව පැමිණිම සඳහා ආශිර්වාද කොට පිරිත්පැන් ඉස පිරිත්නූල් බැඳ එවන ලද්දේ තපස්වෙස්ගෙන සිටි උප්පලවන්නා දෙවියන් බව මහා වංශය පවසයි. එම අදහස ආචාර්ය හෙන්රි පාකර් මහතාද පිළිගනී. දෙවිනුවර පුද බිම පුජ්ය ත්වයට පත් කෙරුණු උප්පල වන්නා දේවාලයේ ඉදිකර වීම දක්වා කතා පුවත ආශ්චර්යමත්ය. දෙවිනුවර සිරිසුනන්ද නාහිමියන් විසින් රචනා කරන ලද ඓතිහාසික දෙවිනුවර මහ පුද බිම ග්‍රන්ථයේ එම ජනප්‍රවාදය සඳහන්කොට ඇත්තේ මෙලෙසින්ය. උප්පල වන්නා දෙවියෝ මහත් කිහිරි කඳක වේශයෙන් පැමිණියේය. මුහුදේ වෙරළට ආසන්නව පාවෙමින් තිබූ කිහිරි කඳ දුටු මිනිස්සු වෙරළට රැස්වුහ, ඇතැමෙක් කිහිරි කඳ ගන්නටද උත්සාහ කළහ. මිනිසුන් ළංවෙත්ම කිහිරි කඳ ඈත්වෙයි මිනිසුන් ගොඩට එත්ම පෙරළා වෙරළට ලංවේ මේ අත්භූත ප්‍රවෘත්තිය ඇසු දාපුළුසෙන් රජ්ජුරුවෝද එතැනට පැමිණියහ. ඔවුන් එත්ම කිහිරි කඳ වේගයෙන් ඇදී අවුත් වෙරළේ මුතු පටයක් වැනි වැලි පිට පිහිටියේය. රජ්ජුරුවෝ එතැන සුදුසු පුද සත්කාර පවත්වා කිහිරිකඳින් දේව රූපයක් කරවන්නට සිතා ඊට සුදුස්සකු සොයන්නට වුහ. එහෙත් ඉන් දේව රූපයක් නෙළිය හැකි කම්කරුවන් මුළු ලංකාද්විපයේම නොවීය. රජ්ජුරුවෝ සිතුවිල්ලෙන් සිටින අතර වයෝවෘද්ධයෙක් පැමිණ දෙවිරුවක් තැනීමට තමා පොහොසත් බව කියා සිටියේය. රජ්ජුරුවෝ ප්‍රීතිව රජ පිරිස් පිරිවරා වෘද්ධයා සමඟ වෙරළට ගොස් ඔහු දැක්වු ස්ථානයේ මන්ඩපයක් කරවා කිහිරි කඳ එතැනට පමුණුවා දුන්හ. වෘද්ධයා පමණක් එහි රැදිණි. සිල්ලොම වෙන්ව ගියහ. පසුදින රජ්ජුරුවෝ එතැනට පැමිණියහ. වෘද්ධයා එහි නොසිටියේය. කිහිරි කඳ හෝ ඉන් කපා හල දෑ එහි නොවිය.ජීවමාන ආකාරයෙන් වැඩ සිටි දේව රූපයක් පමණක් එහි විය. සියල්ලෝ විශ්මයට පත්වුහ. විශ්වකර්මයා පැමිණ කිහිරි කඳින් දේව රූපය නෙළා දී ගිය බව පෙනණි. මෙම ජනප්‍රවාදය පිළිබඳ වු සිදුවිම් බැහැර කිරමට නොහැක. පැරකුම්බා සිරිතද මෙම කතා පුවත ප්‍රකාශ කරයි. දෙවි නුවර උප්පල වන්නා දේවාලය හා බැදී පවතින නාමය දපළුසෙන්ය හෙවත් දෙවැනි දප්පුල රජු (ක්‍රි.ව.659-665) නැමැති දෙවිනුවර රාජධානියේ පාලකයාය. සාමි දප්පුල හෙවත් දප්පුල රජතුමා උප්පලවන්න දෙවියන් වෙත දේවාලයක් හදා පුද පුජා කිරිමට සලස්වා ඇත. දෙව පුරානයේ සඳහන් බඳිරාලි විහාරය උප්පල වන්නා දේව ප්‍රතිමාව තැන්පත් කල දේවාලය බවට විස්වාසයක් ඇත. වර්ථමානයේ දැක්වෙක උප්පල වන්නා දේවාලය පසු කාලයේ ඉදිකරන ලද්දකි. පෘතුගීසින් විසින් 1587 දී මුල් දේවාලය විනාශකොට ඇත. තෙමහල් දේවාලයේ උපුල් වන් දේව ප්‍රතිමාව දෙපස දැඩිමුණ්ඩ සහ සූනියම් දේව ප්‍රතිමාද වෙති. පිටත මාලයේහි ඊශ්වර සහ කතරගම දේව රූපයන්ය. එමෙන්ම විශ්ණු දෙවියනිගේ දස අවතාරද තවත් දේව රූප රසක්ද සදෙහි සොළොස් කලා නිර්මාණද මෙහි සිතුවම් කොට තිබේ, දෙවි නුවර දේවාලය සහ ශ්‍රී විශ්ණු උප්පලවන්නා දෙවියන් උදෙසා සිදු කරනු ලබන අසිරිමත්ම ඓතිහාසික මංගල්‍යය ඇසළ පෙරහරයි. ඒ හා බැඳුණු සිරිත් විරිත්ය. දඹදෙණියේ රජ පැමිණි දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රාජ සමය දක්වා ඉතිහාසයක් දෙවිනුවර ඇසළ පෙරහරට වෙයි. චන්ද්‍රබානු නැමැති ජාවක රජුගෙන් සිංහලය බේරා ගැනීමට උප්පලවන්නා දෙවිඳුන්ට සිදුකළ භාරයක් අනුව මෙම පෙරහැර ඇරඹූ බවට විශ්වාසයක් ඇත. එමෙන්ම එතුමාට වැළඳුන රෝගයක් සුව කර දෙන ලෙස දෙවියන්ට කැප කළ භාරයක් අනුව පෙරහැර ඇරඹූ බවටද තවත් විශ්වාසයක් ඇත. ක්‍රි.ව.1257 දී පමණ ආරම්භ කරනලද දෙවිනුවර ඇසළ පෙරහැර පේළි පෙරහැර හයකින් සහ රන්දෝලි පෙරහැරකින් වර්තමානයේදී පැවැත්වෙයි. දෙවි නුවර ඇසළ උත්සව සමයට බැතිමත්හු ඒ සඳහා කල් ඇතිවම පේ වෙති. මිදුලේ පාන් පැලක් බැඳ පහන් දල්වා බාරහාර වෙනුවෙන් පූජා කරන පඩුරු තබා උපුල්වන් දෙවියන්ට පිං දෙති. දෙවිනුවර ඇසළ පෙරහැරට කතරගම දෙවියන්ද වැඩම කරන බව බැතිමත්හු විශ්වාස කරති. සාම්ප්‍රදායානූකූල සිරිත් විරිත් අනුව නැකතට කප් සිටුවා මෙය ආරම්භ කරනු ලබති. කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පවත්වා හාල්කිරි දානයක් දේවියන් උදෙසා පූජා කිරීමෙන් වාර්ෂීක ඇසළ උත්සවය නිමාවට පත්කෙරේ. මෙවර 754 වැනි වරට පැවැත්වෙන ඇසළ උත්සවය පිළිබඳ දෙවිනුවර උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්රිමරත්න ගුණසේකර මහතා මෙලෙස සඳහන් කරයි. දෙවිනුවර ඇසළ උලෙළ 2011 අගොස්තු මස 07 දින ආරම්භ වී. 2011 අගොස්තු මස 13 වනදා පැවැත්වෙන රන්දෝලි පෙරහැරින් සහ එදින දෙව තොවිලයෙන් පසුදා පැවැත්වෙන දේව දානයෙන් මෙවර ඇසළ උත්සවය නිමාවෙයි.
ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩහිඳින නිසා මෙම ඉපැරණි පුදබිම වැවුරුකන්නල බදුරජ මහා විහාරය ලෙස 1969 මාර්තු 2 වැනි දා සිට නම් කොට තිබේ. ඊට පෙර මෙම විහාරය සුදස්සනානන්ද විහාරය නමින් හඳුන්වන ලදී.
මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල නගරයට පෙනෙන දුරින් මෙම සුප්‍රකට විහාරය ඉදිකොට ඇත. එකල වැව් දෙකකට සමීපව පිහිටි කුඩා කඳුගැටයක් මත ගිමන් හලක් පිහිටා තිබූ නිසා වැවුරුකන්නල නම ව්‍යවහාරයට පැමිණ තිබේ.
වැව්රුකන්නල බුදුරජ මහා විහාරයේ ඉතිහාසය මහනුවර යුගයේ රාජාධිරාජසිංහ යුගය දක්වා දිව යයි. එම රජතුමාගේ මඩකුඹුර වාසල දේවියගේ පුතා වැවුරුකන්නල පිහිටි ඉපැරණි ගිමන්හලෙහි භකෂූන් වහන්සේ කෙනෙකු ලෙස වාසය කොට ඇත. මහනුවරින් දුර ප්‍රදේශයක එලෙස වාසය කොට ඇත්තේ ආරකෂාව සඳහාය. උන්වහන්සේ ’රජකුමාර හිමි¶ ලෙස ද ප්‍රදේශයේ ජනතාව විසින් ආමන්ත්‍රණය කළහ. රජකුමාර හිමි බුරුමයෙන් මෙරට උපසම්පදාව රැගෙන ඒමට වැඩම කළ භිකෂූන් වහන්සේ ලා සත් නමගෙන් එක් නමක ලෙස ද සැලකෙති.
දික්වැල්ල සුදස්සනානන්ද විහාරයේ ආරම්භය සිදුවන්නේ ද උන්වහන්සේගෙන් ය. දික්වැල්ල බුදුරජ මහා විහාරස්ථානයේ බුදු ගෙවල් 3 ක් පිහිටා ඇත. ඒ අතරින් පැරණිතම බුදුගෙය ඉදි කොට ඇත්තතේ 1870 දී ය.
ඉපැරණි බුදු ගෙය තුළ සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් වැඩ හිඳිති. විශාල මකර තොරණකින් එම බුදු ගෙයට ඇතුළු විය යුතුය. බුදුන්වහන්සේගේ සහ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිමද මෙම විශාල බුදු මැදුරේ නිර්මාණය කොට ඇත. ඊට අමතරව ජාතක කථා මෙන්ම බුද්ධ චරිතයේ විවිධ අවස්ථාද සිතුවම් කොට තිබේ.
වැවුරුකන්නල බුදුරජ මහා විහාරයේ ඉදිකොට තිඛෙන දාගැඛෙහි බුදුන් වහන්සේගේ සහ ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ හතළිස් නමක් වැඩ සිටිති. ඉපැරණි දේවාලයක් සහ සීමාමාලකයක් ද මෙම පිදුබිම සතුව පවතී.
ඉපැරණි ආවාස ගෙය අද කුඩා කෞතුකාගාරයක් ලෙස පවතවාගෙන යයි. 1839 ජූලි මස 18 වැනි දා ඉදිකරන ලද ඉපැරණි පිරිත් මණ්ඩපයක් ද විහාරස්ථානයේ ධර්මශාලාවෙහි තබා ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසුව තැන්පත් කොට ඇත්තේද වැවුවරුකන්නල බුදු රජ මහා විහාරයේය. 1927 දී එය නිර්මාණය කිරීමෙන් පසුව මග්ගොන සිට විහාරස්ථානයට රැගෙනවිත් තිබේ. වැවුරුකන්නල බුදු රජ මහා විහාරය ලෙස අද මෙම විහාරය හඳුන්වන්නේ අසූ අට රියන් සමාධි බුදු පිළිම වහන්සේ නමක් එහි ඉදි කොට ඇති නිසාවෙනි.
මාතර දිස්ත්‍රික්කයේ පිහිටි බැතිමතුන්ගේ නොමඳ වන්දනයට ලක් වූ බොදු පුදබිමක උරුමයක් එලෙසින් වැවුරුකන්නලින් ද ප්‍රකට වෙයි.
මම රාගම මමත් HIV ආසාදිත කාන්තාවක්. මට මේක හැදිල දැනට අවුරුදු 10ක් විතර වෙනවා. මගේ මහත්මය විදේශගතවෙලයි හිටියේ. ඊට පස්සේ එයාට හදිසි අසනීප තත්වයක් ඇතිවුනා ඒක පරික්ෂා කළාම තමයි මහත්තයට මෙය ආසාදනය වෙලා තියෙන බව දැන ගත්තේ.”ප්‍රින්සි මංගලිකා මහත්මිය පැවසුවාය.
පින්සි මංගලිකා යනු HIV ආසාධිත කාන්තාවක් ලෙස ආසාධීයන් වෙනුවෙන් සහ අසාදන වලක්වා ගන්නට කැප වී ක්‍රියා කරන කාන්තාවකි. ඇය මෙම වෛරස ආසාදනය වූ පසු විවිධ අතවරවලට ලක් වී ඇති කාන්තාවකි නමුත් වර්තමානයේ ඇය සියල්ලන්ටම ආදර්ශයක් වන කාන්තාවක් වී තිබේ.
‘මගේ මහත්තයට ඒඩ්ස් හැදිල දැනගත්තට පස්සේ අපිට අපේ මුල් ගම වන පිළියන්දල ඉන්න දුන්නෙ නෑ. අපේ ගෙවල් ගිනි තිබ්බා. දරුවන්ට පාරෙ බැහැල යන්න බැරි වුනා. අන්තිමේදි මහත්තය වසබීල මැරුණ. අන්තිමේදී අප පිළියන්දලින් එන්න වුනා.” සංවේගයකින් යුතුව ප්‍රින්සි මංගලිකා මහත්මිය පැවසුවාය.
නමුත් මේ සමාජයේ සිටින කිසිම කෙනෙකු අසල්වැසියාට HIV තිබෙව බව දන්නේ නැත. එයට හේතුව එය බාහිරින් හඳුනා ගත නොහැකි වීමයි නමුත් හඳුනා ගත් අයට සමාජය දක්වන්නේ පුදුමාකාර බයක් බව ඇය පවසන්නීය. නමුත් බිය වියයුත‍්තේ හඳුනා නොගත් අයට බව ඇය පවසයි. “මට HIV ආසාදනය වී ඇති බව දැන ගත්තේ වෛද්‍යවරුන් පවසන නිසා. නැත්නම් මගේ ශරීරයේ කිසිදු වෙනස්කමක් නැහැ. මට ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. වෙනත් අය සමග එකට සිටීමට අවස්ථාව තිබිය යුතුයි. මම සමාජයෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මට සමාජයේ අනික් අයට තියෙන අයිතිවාසිකම් ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි” මංගලිකා කියන්නීය.
කෙසෙවුවත් මේ කථාබහ වලින් ඒඩ්ස් පාලනය කල නොහැක. එය පල හැකි වන්නේ තමා විසින් තමා පාලනය කර ගැනීමයි. එයත් බැරිනම් ඉතිං ආරක්ෂිත ක්‍රමයකට යායුතුය. ඇය පවසන්නේ එසේය. මන්ද යත් එච්.අයි.වී ආසාදිතයෙක් සමග පාරේ ගියාට මෙය බෝවෙන්නෙ නැහැ. රුධිර හුවමාරුවකදී හෝ ලිංගික ඇසුරකදී පමණයි අයෙකුගෙන් තවත් අයෙකුට මෙය බෝවිය හැක්කේ. මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි.” මංගලිකා කීවාය.
ආරක්ෂිත ක්‍රම පිළිබඳව කථාකිරීම සංස්කෘතියට සදාචාරයට පටහිනි යැයි කිසිවෙක් කියූවත් මෙම වෛරසියේ බේරී සිටීමටනම් පාලනය කර ගත නොහැකි නම් කොන්ඩමයක් වත් පැලදීම සුදුසු බව සිහි තබා ගත යුතුය. නැතිනම් ඉතිං ගිය හකුරට හැඩීමට සිදුවනු ඇත.
විශේෂ ස්තූතිය – ජන මාධ්‍ය පර්ෂදය [MMF]
ඡායාරූප – අන්තර්ජාලයෙනි.